පුටුවේ උස බලා අර්බුද දකින පක්‍ෂ ලේකම්

මහින්ද රාජපක්‍ෂ මහතාට උස පුටුවක් දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කොට පුටුවක් දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල ඇති අර්බුදය නිසා බව ජනතා විමුක්ති පෙරමුණ බවසයි.

ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කලද ඔහුට හිමි තැන ලබා දීමට එම කදවුර සූදානම් නැති බව ඉන් පෙනී වන බව ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එජාපයේද අපේක්‍ෂකත්වය සදහා දැඩි සටනක් නිර්මාණය වී ඇති බවත් පැවසූ ඔහු මේ නිසා ජනාධිපතිවරණයට ශක්තිමත්ම අපේක්‍ෂකයා ඉදිරිපත් කර ඇත්තේ තම පක්‍ෂය බවද පැවසීය.

ජවිපෙ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *