නව සන්ධානයක් ගැන පොහොට්ටුව සහ ශ‍්‍රීලනිපය තවත් සාකච්ඡාවක

නව සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එළඹෙන 17වනදා තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ඒ, දෙපාර්ශවය අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති සාකච්ඡා වටයේදීයි.

නව සන්ධානයක් ගොඩ නැගීම සඳහා දෙපාර්ශවය අතර අද සාකච්ඡා පැවැත්වුණේ පස්වන වරටයි.

කඩිනමින් නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද පැවැති සාකච්ඡාවේදී දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *