ත්‍රස්ත ප්‍රහාර වලින් පසු ටියුනීසියාව නිකාබ් තහනම් කරයි

මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු අප්‍රිකානු ටියුනීසියානු රාජ්‍යය එරට කාන්තාවන්ට නිකාබය තහනම් කර තිබෙනවා. 

ටියුනිස් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පසුව එරට අග්‍රාමාත්‍ය යුසෙෆ් චහෙඩ් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සංචාරක ආකර්ෂණය අතින් ඉහල ස්ථානයක් හිමිවන ටියුනීසියාව සතියක් තුළ ත්‍රස්ත ප්‍රහාර කිහිපයකටම ගොදුරු වූ අතර එම ප්‍රහාර සියල්ලේම වගකීම්  අයි.එස්. සංවිධානය විිසින් භාරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *